මංගල ඇඳුම්න් සැරසිලාmangala aendumn saerasilaa

Mangala Andumin Sarasila

සංගීතය:
ගුණදාස කපුගේgunadhaasa kapugee
පද රචනය:
ගංගානාත් හේරත්gangaanaath heerath

ගී පද

මංගල ඇඳුම්න් සැරසිලා 
දෙනෙතින් මුතු නැට කදුළු සලා
මගෙ ආදරය ඉවත හෙලාලා
අතිනත ගෙන ඔබ මා හැර යන දින
අමතක කළ මැන මතකය මා ගැන

අත ගෙන ඔහුගේ ඔබ යන අතරේ
මම තනි වෙන්නෙමි සිතුවිලි අතරේ
කඳුළැලි රඳවා මගෙ නෙත් අතරේ
ඔහු වෙනුවෙන් ඔබ හිනැහෙනු සොඳුරේ

ඔබ ඔහු තුරුලේ සැනසෙන අතරේ
මම තනි වෙන්නමි ගනඳුර අතරේ
පැතුමක් වී මා පැතුමන් අතරේ
යලි හමු වනු මැන මතු භව කතරේ