ගී පද
මන්දනාව කාරනාව යන්න අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ
කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා
කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා
ඉකි බිඳ බිඳ මං හැඬුවලු මහ රෑ නින්දේදී
නඩේ ඈයො විහිළු කලා වැඩිහිටි කන්දේදී
ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ
තැන් තැන්වල නිදි මැරුවා තිස්සමහාරාමේ
මන්දනාව කාරනාව යන්ද අපේ වන්දනාව
මට හරි පාළුයි ළමයෝ