මන්දාකිණියේmandhaakiniyee

Mandakiniye

සංගීතය:
අමිල එම් වික්‍රමසිංහamila em wikramasinha
පද රචනය:
ප්‍රසාද් අබේකෝන්prasaadh abeekoon

ගී පද

හැඟුම් සතපා යන්නට නුඹ පහසේ 
මත් වූ මනසයි ගත සමගින් සුව සෙව්වේ
හරි හෝ වැරදී වැටහීමක් නැත දැනුණේ
මන්දාකිණියේ නුඹ පහසයි මා පැතුවේ.......

රැය පහන් වනතුරා මා නුඹේ තුරුල්ලේ
නුරා පිරුණු නෙතු සරාගිව දැවෙන ගත
ගිනියම් පහසේ නුඹේ ගතේ උණුසුමෙන්
අහිමි විලා යන්නේ......

ලොවට හොරෙන් නුඹගෙන් මා වින්දේ
මුදලට විකිණෙනා සෙනෙහේ
අත්හැරයන්නට සිතුවත් නැහැ නැහැ
සිත මට නතු වන්නේ හමුවෙමු 
මගේ ලොවේ තව එක් රැයක් මෙසේ.......

හැඟුම් සතපා යන්නට.......