මනමාලියේmanamaaliyee

Manamaliye

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
සම්පත් ප්‍රනාන්දුපුල්ලේsampath pranaandhupullee

ගී පද

හාදුවක් තියලා කෝලයෙන් බැලුවා 
නිල් නුවන් වහලා ආදරෙයි කීවා 
කවියක් වගේ අපගේ සෙනේ 
නදියක් වගේ නොසිදෙයි ලයේ 

මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ 
තුරුලේ ඉඳන් හුරතල් විඳින්නේ 
(සුවඳයි අපගේ ආදරේ)....//

සෝසුසුම් නිවලා හාදකම් වැහැලා 
ජීවිතේ හොයලා යන්න යං පියඹා 
කුසුමක් තරම් පිවිතුරු ලඳේ 
දියතක් දුරින් මුමුනයි සඳේ 

(මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ 
තුරුලේ ඉඳන් හුරතල් විඳින්නේ 
සුවඳයි අපගේ ආදරේ
සුවඳයි අපගේ ආදරේ)...//