මනමාලියක් වූ දිනේmanamaaliyak wuu dhinee

Manamaliyak Wu Dine

ගී පද

මනමාලියක් වූ දිනේ 
ඔබටයි නඟේ මේ ආසිරි
කඳුලින් සිනාසෙන්නෙමි...//
මනමාලියක් වූ දිනේ  

මතකයි සදා පාසල් වියේ 
සෙනෙහේ මැව් යාමයේ//
නිවසේ දිලී පහනක් ලෙසේ 
වෙන්වෙන්නේදෝ නංගියේ...

මනමාලියක් වූ...

සැනසුම් සෙවූ යුග ජීවිතේ 
සතුටින් රැඳෙන්නයි පැතූ//
තනි වේ සදා අයියා ඔබේ 
සුදු නංගීගේ නාමෙන්...

මනමාලියක් වූ...