ගී පද
මං වගේ පෙම් කෙරූ වෙන කවුරුවත්
ආයෙත් ලැබෙයි කියා පැතුවත් සිතින්
මේ භවයේ පෙම් මහිම ඔබ හට නැතත්
මං පතමි ඔබෙ සතුට මතු මතුවටත්
දවසක මා මේ ලෝකෙන් යාවී
එදාට මං නැති අඩුව දැනේවී
එන්නට හිතුනත් පෙර ලෙසම හැරී
එදාට ඔබ හට මං නැති වේවී
පිංවන්ත ඇස් දිහා පෙම්වන්ත ලෙස බලා
මං හිතුවෙ මගෙ ලෝකේ ඔබමයි කියා
ඔය ඇස් වලින් එදා තව කෙනෙකු දෙස බලා
ඔය ඇස් වලින් වගේ ඔහුගේ වෙලා
දවසක මා මේ....
ලං වෙලා උන් දිනේ මට තිබුනු ආදරේ
හදිසියේ ඔහුට පුදන්නට වරදක් වූවාද මගේ
හඬන සිත හැම වෙලේ විමසන්නේ ඔබෙ මතකේ
කොහේ හෝ ඔබ සතුටින් නම් එයයි මගෙ පැතුම හදේ
මං වගේ පෙම්....
දවසක මා මේ....