මං තාම ලෙන්ගතුයිman thaama lengathuyi

Man Thama Lengathui

සංගීතය:
ඉන්දික හල්විටගේindhika halwitagee
පද රචනය:
ගැමුණු කුමාර වීරක්කොඩිgaemunu kumaara wiirakkodi

ගී පද

මං තාම ලෙන්ගතුයි නුඹ ඈත ඉගිලුනත් 
මියදෙන්නේ නෑ පෙම් හිත කවදාකවත් 
සංසාරයේ හැමදා ආවේ බැඳී මේ ලෙස 
රිදවන්නදෝ මේ හිත මං තාම දන්නේ නෑ 

ඇහි පිල්ලමක් යට ඉකිබිඳින කඳුලක 
දුක තේරෙනා හිතක් නුඹට තිබුනේ නැතිවග 
නොතේරුනු නිසාම දෝ මේ තරම් දුක් අද 
               
මං තාම ලෙන්ගතුයි නුඹ ඈත ඉගිලුනත් 
මියදෙන්නේ නෑ පෙම් හිත කවදාකවත් 

රන් තාරකා වගෙ ඇස් ඉඟි කල කියූ පෙර 
ඒ ආදරේ කෝ අද නුඹ දුර අරන් ගිය 
මගෙ රත්තරන්.. නුඹ දුර අරන් ගිය   

මං තාම ලෙන්ගතුයි..