මං පතනවා(සමු අරන් යා යුතුයි)man pathanawaa(samu aran yaa yuthuyi)

Man Pathanawa(Samu Aran Ya Yuthui)

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි

ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගේ කෙනෙක් නැවතත් යලිත්
මුණගැහේවා කියා

මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා

දවසක් හරි මට ආදරේ කලා මේ ලෝකේ කාටත් වඩා
නොලැබීම මගේ ඔබ මගහැරී ගියේ කලකිරුන මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගේ කෙනෙක් නැවතත් යලිත්
මුණගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා

මගකදී හරී මේ අප හමුවනත් මග හැරලා යන්නට එපා
ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කරේ කලකිරුන මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගේ කෙනෙක් නැවතත් යලිත්
මුණගැහේවා කියා

සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි
ඔබ හොදින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගේ කෙනෙක් නැවතත් යලිත්
මුණගැහේවා කියා

මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා