මං මුලාවී පාර හොයාගෙනman mulaawii paara hoyaagena

Man Mulawii

ගී පද

මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය 
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි 
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි