මං කවදාවත්man kawadhaawath

Man Kawadawath

සංගීතය:
සරත් ද අල්විස්sarath dha alwis
පද රචනය:
කුමාර තිරිමාදුරkumaara thirimaadhura

ගී පද

මං කවදාවත් කාටවත් ආදරේ නොකල බව 
මට කවදාවත් කවුරුවත් ආදරේ නොකල බව
දැනුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි 
ලඳුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි  
ඔබ හමුවීමෙන් පසුවයි

සයුර මේ තරම් වෙරළට පෙම් කරනා බව 
අහස මේ තරම් හුළඟට ආදරේ බව 
දැනුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි 
ලඳුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි  
ඔබ හමුවීමෙන් පසුවයි

(හදවත මෙතරම් බර බව 
ඇහැට මේ තරම් කඳුලු එන බව)..//
දැනුනේ.. ඔබ වෙන්වීමෙන් පසුවයි 
ලඳුනේ.. ඔබ වෙන්වීමෙන් පසුවයි  
ඔබ වෙන්වීමෙන් පසුවයි
ලඳුනේ.. ලඳුනේ..