මං දහඩිය බිංදු හෙලන්නේ දරු පැටවුන් හින්දයිman dhahadiya bindhu helannee dharu paetawun hindhayi

Man Dahadiya Bindu

ගී පද

මං දහඩිය බිංදු හෙලන්නේ දරු පැටවුන් හින්දයි
රෑ නොනිදා මුර සේවයෙ ඉන්නේ පඩිපත අරගන්නයි
මං නැති රෑ මගෙ පැල් කොටේට අනංගයා රින්ගයි
හැම දෙයක්ම මා ඉවසා ඉන්නේ දරු පැටවුන් හින්දයි

කහට උගුරකින් තොල කට තෙමාන දුක් වින්දයි
ඒ ගැන දන්නේ මා හැර උඩ ඉන්නා දෙවියොයි
පැල් කොටයේ සිදු වන දේ මගෙ හදවත පාරයි
මොනව උනත් නුඹ තාමත් පැටවුන්ගේ අම්මයි

උදෑසනින් මං ආවම පැටවුන් අත එල්ලෙයි
උන් දැක්කම ආදරයෙන් පපුවම පිච්චෙයි
අනංගයා සමඟින් නුබ ලගදිම අප හැර යයි
මගේ පැතුම පන ඇති තුරු දරුවන් රැක ගැන්මයි