ගී පද
මං අහන්නේනම් නෑ රත්තරනේ
දුක දරා ගත්තේ කොහොමද කියලා
මම දුරින් උන්න කාලේදී දැනුනා
මං මට විතරක් අයිති නෑ කියා
මං අහන්නේනම් නෑ රත්තරනේ...
හිස තියාන මා ලය මඩල පුරා
උණු කඳුළු වලින් නම් තෙමන්නෙපා
මගෙ ලයේ කඳුළු ඇහැරෙන හින්දා
දැන් හිනාවෙන්න මා දිහා බලා
මං අහන්නේනම්.../
එක කඳුලක සිතල වුනත් එදා
අපි දෙකට බෙදා විඳ ගත්තා
ඒ සිතල යලි නුඹ ළඟ තියලා
රත්තරනේ මං යන්නෑ කිසිදා
මං අහන්නේනම්..,/