ගී පද
මම වෙමි හිරු දෙවි
හිරු දෙවි මම වෙමි
සරණ මෙදෙරණ නිබඳා....//
සතුනි අසව් සැම අසව් සියල්ලම
සතුනි මේ මිහිතල වෙසෙනා …//
දෙව්ලෝ හැරලා මනුලොව පැමිණ
දෙවිදෙකු කියනා මේ වදනා….//
ඇතුළුව දෙව් බඹ සතුනි සියලු ඔබ
දැනගත යුතුය මේ කරුණා…//
මගේ ගවදෙන් රැළ ආ ගිය අත නැත
සොයා දුනොත් උන් ඔහුට තෑගි ඇත
(ඇතෙක් බරට රං දෙනවා…//)
අහුමුළු හැමතැන අතුරු සිදුරු හැර
සෙවුමුත් ගාලම උන් එකෙකුත් නැත
(මගේ මුළු හදවත දනවා…//)
ගියමුත් රට රට බලමින් වටපිට
ලොවම පෙනෙන මට නොපෙනේ කිසි ලෙස
තැනක් ඔවුන් දැන් සිටිනා…//
නරයෙක් සුරයෙක් දෙවියෙක් ළමයෙක්
ඇද්ද කිසි කෙනෙක් නැති බිය සැකයක්
මෙවන් දෙයක් මට කරනා…