ගී පද
මම ඔබට නම් කවදාකවත්
නෑ සාප කෙරුවේ මා හැර ඔබ වෙන්වුනත්
මට ඔබව ආයේ හිමි වෙනවා නම්
කල්පයක් හෝ මං ඉන්නවා තනිවෙලා
(පෙර ආත්මයේ පවු කල නිසා
මේ භවයෙදි දෙවියො ඔබ උදුරගන්නැති)..//
මේ වේදනා මට ඔබෙන් අත්වෙලා
දැනට දින ගණනක් ඔහේ පහු කලා
හිතට වද දෙනවා මතකයන් ඇහැරලා
දුක පමණි සතුටක් නෑ මට හිමි වෙලා
මට ඔබව ආයේ....
ඇති තැනක සතුටින් නැතිනම් මට වඩා
පාඩුවේ ඉන්නම් කරදර නොකර මා
මෙහෙම දුක් විඳලා මා මියදෙන තුරා
ඔබව නරඹන්නම් ඈතින් ඉඳලා මා
මට ඔබව ආයේ....