මම නැතිදාකmama naethidhaaka

Mama Nathidaka

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

මගේ නම ඔබට මතකත් නැද්ද - කොහොමද ඔබ මාව අමතක කලේ
කියලා දෙන්න එහෙම කරන්න - ආසයි මට ඉන්න ඉස්සර වගේ
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි 
මම නැතිදාක ඔබ හිනහෙන්න - ආදරේ තියෙනා තැන නතර වෙන්න
මියදුන පෙමක මතකය එක්ක - අද ජිවත් වෙන්න පුලුවන් මට

බොරපාට ඇස් කදුලින් පිරෙයි පිං පාට නුබ සිහිවෙලා
සුදු රොස මල් පරවි වැටෙයි මගේ ආදරේ විස වෙලා
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි

තහනම් උනත් ඔබේ නගරෙට මට ආයෙමත් එන්නට
ඈතින් ඉදන් ඔය රුපය මම බලලා යන්නම් හෙට
මගේ ඇස් හැමදාම හෙවුවේ ඔබයි
මේ ඇස් පියවෙන තුරා ආදරෙයි