මම කපිලmama kapila

Mama Kapila

සංගීතය:
චනුක මොරගොඩchanuka moragoda
පද රචනය:
චනුක මොරගොඩchanuka moragoda

ගී පද

එහේ හේ... Yaka Crew
මේක ගමේ ආතල් එකක්
අමු මිරිස් කෑලි මිරිස් කොච්චි මිරිස් වගේ සැරයි
හැබැයි තක්කාලි වට්ටක්ක මන්යොක්කා වගේ රසයි

මගෙ නම අමිල 
මට කිව්වෙ උන් කපිල
ඇල්ලුවෙ ගමෙ නිලිය 
මම පදින චැලිය..

ටිකිරි ලියා..ළිදට ගියා...

දෑතින් ගෙන උදල 
අමුඩෙන් වහන් ගරුඩ
ඉන්නෙ මැද මං කුඹුර 
එනකං මගෙ මැණික

ටිකිරි ලියා..ළිදට ගියා..

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක //

ටිකිරි ලියා..කොහෙද ඔයා..
ළිද ලග ඇති බං කබරගොයා

අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ
කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ
හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ
ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ

ඇට මාලෙ කරට
සුදට සුදෙ නෙරිය
දැකල උබෙ බුරිය
උඩ උදලුමිටිය

ටිකිරි ලියා...

නොම බලන් අහක
වෙලට යමු හනික
ගොයමෙ නිලෙ රහස
වගෙනෙ උබේ පහස

ටිකිරි ලියා..ළිදට ගියා..

පැත්ත ගියත් මම ඇත්ත
කියනවා මගේ රණ්ඩු කෙක්ක
ඉතින් ගමේ එවුන් දැම්මම කොක්ක
කඩනව මං උන්ගෙ හක්ක //

ටිකිරි ලියා..කොහෙද ඔයා..
ළිද ලග ඇති බං කබරගොයා

අමල් නිමල් හොද කමල් බිමල් අඹ ගස යට Rolling දෝ
කන පැලෙන්න වල් කතා කියපු අපේ ඇම්ඩා දැන් කොහිදෝ
හෙන ගහන්න මහ වැහි වැටෙන්න අපෙ කුඹුරට මගෙ දෙයියෝ
ගග පිරෙන්න ගහ මල පිපෙන්න මම ටිකිරිව බහ ගන්නෝ