මල් සරාට ප්‍රේම ලෝකේmal saraata preema lookee

Malsarata Prema Loke

ගී පද

මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා
මල් නෙලන්න වාසනාව මට ද අත්වුණා
ගයා ගී ..... ගයා ගී .....

ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා
මා සිතුවේ නැත්තෙ සිහිනෙකින් තියා //
දෑත ගන්නයි නියා මාගේ ආලේ සොයා
අනේ කවුදෝ මේ ආවා වූ පෙම් රජා
මල් සරාට ......

දැක්කදාම නෙත් ඇදී ගියා ප්‍රියේ
පෙම් තොටිල්ලෙ මා ඉතින් ඔබේ ලයේ //
වාසනාවයි මගේ ප්‍රේමරාණි වාගේ
ඉතින් සැමදා මං ඉන්නෙමි ජීවිතේ
මල් සරාට .....

මාව ඔබට පෙන්නා දුන්නේ මහ බඹයි
ඒක අහස පොළව එක්වුණා වගෙයි //
රාමා සීතා සොයා ආවා වාගේ ඔයා
කොහේ ඉදලදෝ ආවා මේ මා සොයා

මල් සරාට ....