මල්ලියේ නරක මිතුරන්malliyee naraka mithuran

Malliye Naraka Mithuran

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

මල්ලියේ නරක මිතුරන් පිලිගන්ට එපා
නංගියේ නොහොබිනා කම් හුරු වෙන්ට එපා
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා
හතුරෙකුටවත් මට වන් දුක වෙන්ට එපා

දළදා මැදුරේ තේවා හඬ රැව්දෙනවා
කල පව් මතක් වී දෑසම තෙත් වෙනවා
සියක් වාරයක් මැරි මැරි උපදිනවා
තිබහට වතුර වෙනුවට කඳුලැලි බොනවා

ලැබුවේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
මං පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මඟේ අවසානය පෝරකය