මල්ලීයේ මෙතුවක්malliiyee methuwak

Malliye Methuwak

ගී පද

මල්ලීයේ මෙතුවක් ඔබගෙන් 
කිසිවක් ඉල්ලුවේ නෑ නුඹේ ලොකු අයියා 
ඇස් දෙක වාගේ රැක ගත යුතු වේ
මව්බිම මව්බිම ඒ අපගේ අම්මා.....

රණබිම ගිලිහුණ මගේ අත අවිය දරන්
නුඹ පෙරමුණ ගත යුතු වේ
හෙට දිනයේ සුව වී මා එනතුරු
තබනු එපා පියවර ආපසු
අපි නැගෙමු යළි නැගෙමු
සැඩ සුළඟක් සේ දෙරණේ......

මල්ලියේ........

කිරට හැරුණු මව් ලෙයට නොකර අවමන්
පුතු සෙන් සිඳලිය යුතු වේ
ශ්‍රී දළදා වැඩ වසනා තුරු
තබනු එපා පියවර ආපසු
අපි නැගෙමු යළි නැගෙමු
මහ සයුරක් සේ දෙරණේ......

මල්ලියේ........