මලේ මටත් හිතයි කරන්න ආදරේmalee matath hithayi karanna aadharee

Male Matath Hithai Karanna Adare

ගී පද

මලේ... මටත් හිතයි කරන්න ආදරේ
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ //

තනියහනේ...
තනි යහනේ නිදි නොලබා තැවුණු යාමයේ
සිහිනෙන් මෙන් අවුදින් නුඹ සෙනෙහස පිදුවේ
තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
සුවඳ සලන මලයි නුඹ මගේ //

මලේ... මටත් හිතයි කරන්න ආදරේ
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ //

සුවඳ මලේ...
සුවඳ මලේ පිපිලා නුඹ ජීවිත උයනේ
අවදි කලා මගේ යෞවන වසන්ත කාලේ
තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ
සුවඳ සලන මලයි නුඹ මගේ //

මලේ... මටත් හිතයි කරන්න ආදරේ
තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
නෙලා ගන්නේ මමයි නුඹ මලේ //