මලට රේණු සේmalata reenu see

Malata Renu Se

සංගීතය:
අනුරාධා අබේසිංහanuraadhhaa abeesinha
පද රචනය:
දිනුක් කුමාරdhinuk kumaara

ගී පද

මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්//

සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් 
ආල කතන්දර හොර රහසේ කියාවි නම්//
ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්

පාළුව මකනා කවියක් සේ ඇසේවි නම්
මා සවනේ රැව් දිදී රැ‍ඳී ඉඳීවි නම්//
ඔබ කිසිදා මා සිත නොතලා රැ‍ඳේවි නම්
මියෙනතුරා ආදරෙයි කියන්නම්

මලට රේණු සේ...