මලක් නෙලා ගෙනැවිත්malak nelaa genaewith

Malak Nela Genawith

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

මලක් නෙලා ගෙනැවිත් බුදු සාධුට පිදුවා 
ඒ දැක බුදු සාධු මදෙස හෙමිහිට බැලුවා 
බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තෙන් 
මේ මල මම නෙලා ගත්තේ මගේ මල් වත්තෙන්...

නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ 
ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ...

ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුනේ 
ලොකු අම්මා එක්කලා මම නුවර ගියානේ 
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ 
ඉතින් තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ...
මා දැක හිනැහෙන්නේ...

අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ 
මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ 
සමා වන්න හිමියනි බොරු නොකියමි හිතකින් 
නෙලා ගත්තේ මේ මල නංගීගේ මල් ගසකින්...
නංගීගේ මල් ගසකින්...

(දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ 
හොර බොරු කිසිදින නොකරනු මැනවි ළමයිනේ.....//)