මල නොමළmala nomala

Mala Nomala

ඇල්බමය
Mala Nomala

ගී පද

ආරාරෝ ආරිවරෝ ආරාරෝ ආරිවරෝ...

දෝණී නැලවියන් සඳ ළඟ ආරිවරෝ
මගෙ මල ගින්දරේ දැම්මා අනඟසරෝ
දඬුවම් කාට කොතනද හිමි අනුත්තරෝ
දරු දුක දන්න උන් ඇයි අද නිරුත්තරෝ

රේඛා ගිලපු කරගැට මගෙ මොර දුන්නා
ආයනු බැරි කඳුළු හරි ලාබයි ඇසුනා
මත් බමරුනුත් ටකරං සිදුරෙන් එබුනා
අග මුල නොදැන මන්දිර රැකවල් පෙනුනා

දස මස කුසුම කුස තුල පණමෙන් රක්කා
රැජිනක් වෙලා හිනැහෙනු හීනෙන් දැක්කා
දෙවියනි ඇයට ඔබ දුන් ඉරණම මක්කා
නරුමයො මට හොරෙන් මගෙ සුරතලි වික්කා

අහසට වෙලා සුදු සළු දවටන් හැඩට
සඳ ළඟ නැලවියන් මට කවි කියන්නට
සයුරේ දැවටියන් ඔය හිත නිවෙන්නට
සසරක හමුවෙයන් නුඹ ළඟ හඬන්නට..