මල් යහනාවකි ලෝකේmal yahanaawaki lookee

Mal Yahanawaki Loke

සංගීතය:
ප්‍රේමලාල් දන්වත්තpreemalaal dhanwaththa
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී...//
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

ඊයේ ගතවිය හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
අද පමණයි ඇත්තේ...//
සඳ බැස යාවිද‍ ඉරු නැග ඒවිද
එය ස්ථිර නැත්තේ
එය ස්ථිර නැත්තේ...//

සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ...//
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී...//
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

රන්වන් පැහැයෙන් රහසින් අමතන
මීවිත අතට ගමු
මීවිත අතට ගමු...//
මල් මදිරාවේ පෙම් සිළිලාරෙ
රසවිද ඔකඳ වෙමු
රසවිද ඔකඳ වෙමු...//
පියා සලාගෙන කාලය පියඹනවා 
පමා වුනෝතින් අප මග තනිවෙනවා

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ...//

අඬමින් ඉපදී අඬමින් පසු වී
අඬමින් අප යන්නේ 
අඬමින් අප යන්නේ...//
එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි
ඇයි බල බල ඉන්නේ
ඇයි බල බල ඉන්නේ...//
පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ...//