මල් වරුසාවේmal warusaawee

Mal Warusawe

ගී පද

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනා
දිව්‍ය විමානේ දොර ඇරුණා
ආදර තෙපුල් අසා //

ලා හිරු එළියේ පන්සිළු ගී ඇසුනා
මානස විල් තෙර මල් මුවරද ගැලුවා
ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස
ආදරියේ ඔබ මා හද තුළ රැඳුණා

මල් වරුසාවේ ....

මණ්දාකිණියේ තරු මල් පෙති හැලුණා
කප්රුක් සෙවනේ සිත ඉතිරී ගැලුවා
ආයෙත් කිසි දින වෙන් නොවෙනා ලෙස
ආදරියේ ඔබ මා ළය උණුසුම  හැදුවා

මල් වරුසාවේ .....