මල් සමනල්ලු රඟන තරම්mal samanallu rangana tharam

Mal Samanallu Ragana Tharamma

ගී පද

මල් සමනල්ලු රඟන තරම්
දඟ කරන සිතුවිලි පවා
හංගන්න හද ලෙන් බිමේ

බොඳ කඳුලැල් අතරේ
ඔබ සන්තාප වීණාවේ රිද්මෙන්
සෝ සුසුමේහි ගීතාව ගයමින් ලග ඉන්නම්

මල් සමනල්ලු ....

හිස හරවා අඩවන් බැල්මෙන්
බැලුවත් ඇති එහෙනම් සෝ දුක් නිවාදෙමි
සෙවනැල්ලේ හැංගිවින්
හදපානේ නිකැලැල් එළියෙන්
බිඳුවක් ඇති තරු සැණකෙළියක් මවා දෙමි
ලතැවිල්ලේ රිංගාවිත්
ඒ මායම් බොඳවේ සායම්
දෝර ගියාවේ පෙර ආදරේ

මල් සමනල්ලු ....

ඔබ හැරදා පාළු අතීතෙට
යන්නට බැරි සුපහන් හැඟුමන් හදේ රැදී
මේ සුළගේ පාවී විත්
මල් යහනට මුවදොර හැරදී
ගලවාගත නොහැකි අත්වැලක් සදා දෙමි
දිවිහිමියෙන් ළඟින් රැදී

ඒ මායම් බොඳවේ සායම්
දෝර ගියාවේ පෙර ආදරේ

මල් සමනල්ලු ....