මල් රේණුවක් බිම වැටෙනවදmal reenuwak bima waetenawadha

Mal Renuwak Bima Wetenawada

ගී පද

මල් රේණුවක් බිම වැටෙනවද 
මුදු හඬ  පවා මට ඇසේ
ඔබ හෙමි හෙමින් අඩි තියා තියා 
මා ළඟට ඒ දැයි සිතේ
අද සිහිනයකි එය 
හෙට සැබෑ වේ යැයි සිතේ...

සඳ තාරකා පෙම් වදන් දොඩනා රැයේ
මොන තරම් නම් මල් පිපෙනවාද මිහි තලේ
ඒ එක මලක්වත් සොඳුරු නෑ මට
ඔබ මලකි මා හදවතේ...

මල් රේණුවක් බිම...

ඇල දොළ පවා ගී ගයන මේ මැදියමේ
කොයි තරම් මුදු සර නැගෙනවාද මේ ලොවේ
ඒ එක හඬක්වත් මිහිරි නෑ මට
ඔබ ගීතයකි මා ළයේ...

මල් රේණුවක් බිම...