මල් පිපිලාmal pipilaa

Mal Pipila

සංගීතය:
චන්ද්‍රසේන රංගේchandhraseena rangee
පද රචනය:
ස්ටැන්ලි එම්. ප්‍රනාන්දුstaenli em. pranaandhu

ගී පද

මල් පිපිලා
මල් පිපිලා
ජීවිත උයනේ මල් පිපිලා
ආත්මයේ දසන්තයේ සුවඳ ගලා
ප්‍රාර්ථනා මල් පිපිලා
ප්‍රාර්ථනා මල් පිපිලා
මල් පිපිලා

මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත
මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත
ඒත් මගේ යුග දෙනෙතට උරුමයි
කම් නැත මියුලැසියේ
ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා

රෑ බඹරෙකු මා දකින වෙලාවක
මධු පිරි මලකට ඇදෙන වෙලාවක
ආශා රැහැනින් හදවත පිබිදෙයි
කම් නැත මියුලැසියේ
සිහින ලොවේදී මා ඔබ දකින තුරා