මල් ඔතනෝmal othanoo

Mal Othano

ගී පද

පුන්සඳ පායලා ඇති රෑක 
ගඟ ලඟ ඇති පොඩි අතු ගේක 
නැති කරගන්නට දුක සෝක 
හැමදාමත් කරනවා මේක  

මල් ඔතනෝ මුං මල් ඔතනෝ
වටපිට බල බල මල් ඔතනෝ
මල් ඔතනෝ මුං මල් ඔතනෝ
ඇට නැති ඇහිඳලා මල් ඔතනෝ 

සියරට සැමදේ සිරිසැප ගෙනදේ 
ගහන අයයි ඒවා දන්නේ 
මත් පැන් වගෙ නෑ වැඩි විය දන්නෑ
පොඩි ගානයි මේකට යන්නේ 

ඉස්සර වගේ නෑ දැන් දුම් කොළ නෑ 
සුදු කොලයක ඔතලයි බොන්නේ 
බිව්වට වෙරි නෑ කලබලයක් නෑ 
කට්ටිය පාඩුවෙමයි ඉන්නේ 
 
මල් ඔතනෝ මුං මල් ඔතනෝ
වටපිට බල බල මල් ඔතනෝ
මල් ඔතනෝ කොල්ලෝ මල් ඔතනෝ
ඇට නැති ඇහිඳලා මල් ඔතනෝ 

තණමල්විල හා ඇඹිලිපිටියෙ සිට 
ලොරි බස් යට සැඟවිලා ඉන්නේ 
ඉන්පසු කොළඹින් හොරෙන් හොරෙන්මයි 
මේවා රට වට විකිනෙන්නේ     
බාධක මැඩගෙන ආවොත් දුර සිට 
අහු උනොතින් කෙලවිලා යන්නේ 
කොපමන සුර සැප තිබුනත් මොකටද 
නීතිය නෑ ආතල් දන්නේ