ගී පද
මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිකෙගෙ සොඳුරු මුහුණ
මල් වැට අද්දර ආදර කැළුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට
සිහිනයකින් පාට පාට
ආදරයක මගේ ළඟට එයිද හිතෙනවා......
(ලස්සන දුනුකේ මල වගේ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ....//)
සමනල් වයසේ සුන්දර ලෝකේ
තාමත් මතකේ තියෙනවා මැණිකේ
ඉස්සර දවසේ පුංචිම කාලේ
ගංතෙර අයිනේ සෙල්ලම් කෙරුවේ.....
මල් ඔසරිය......
ලස්සන දුනුකේ මල වගේ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ
නිම් නැති විලසේ ඔබටයි රහසේ
ලෙන්ගතුකම මේ මගේ හිත කීවේ.....
ඇහැළ මහේ නිවාඩුවට
නිසංසලේ සැරිසරන්න
ඔබත් එක්ක මටත් නුවර
යන්න හිතෙනවා
වැව රවුමේ සීත සුළඟ
හිමිහිට ගත දැවටෙන විට
රැජිණ හෝටලේ අසලින් යමු පිය නගලා.....