ගී පද
හිත ආස තැන නැවතිලා
විඳින්නට හුස්මක රහා
ඇවිත් නුඹ ලඟටම වෙලා
දඟ කළා ඔව් එදා...
මල් ඔන්චිල්ලා
මත නැගිලා අපි දෙන්නා
මුල් කාලේ නම්
සඳ අල්ලා නැලවෙන්නා
හිනාවන් කතාවන් මතක් වෙයි මුලාවන්
දැන් මුමුනන්න බෑ පරණ වාරන්
පියාඹයි ඔයා නම් අලූත් වූ විලාසෙන්
මගේ තටු බින්දෙ ඇයි දැයි කියාපන්
මල් ඔන්චිල්ලා....
රැයක් එයි උදේ වෙයි හෙටත් එයි
නමුත් දැන් මේ පායන්නේ යලි පරණ සඳ නම්
මතක් වෙයි දුකක් දෙයි ඔබේ ඇස් මැවී එයි
සිත පාරන්නේ ඇයි පෙම් කලා නම්
හිත ආස තැන නැවතිලා....
මල් ඔන්චිල්ලා....//