මල් මිටක් තියන්නmal mitak thiyanna

Mal Mitak Thiyanna

සංගීතය:
කසුන් කල්හාරkasun kalhaara
පද රචනය:
ප්‍රභා රාජගුරුprabhaa raajaguru

ගී පද

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොඳුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ ගිලී හමා ඇදී නළරැළී
ඔබයි මගේ

මල් මිටක් තියන්න....

තුරුලතා පවා දුකෙන් වගේ
අත වනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්‍ය වී නිදා ඉන්න
මගේ හදේ

මල් මිටක් තියන්න...