මල් මාලතී ලතා අඳුරේ මිලාන වීmal maalathii lathaa anduree milaana wii

Mal Malathi Latha Andure Milana Wi

ගී පද

මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී

හැඬු සිතේ විඩා නිවා
ඇදේ මාරුතේ
හැපී බි‍ඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ //
කිසිදාක නොමැත ආදරේට
ලැබී ආදරේ //

ගැලූ සිනා ග‍ඟේ ගිලී
ගියේද ආදරේ
හඬා වැටේ ප්‍රාර්ථනා
පෙම් උයන්තෙරේ
කවදාක සුවඳ යළි දැනේද
නැවුම් සෙනේහේ //