මල් මල් විලේ රොන් සොයාmal mal wilee reaan soyaa

Mal Mal Vile Ron Soya

ගී පද

මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ
ඇයි මේ තරම් වේදනා ආදරේ
සුසුමක් වුනේ ඇයි අපගේ සෙනේ
කඳුළක් වුණා ඔබ මගේ ජීව්තේ //

සඳ තාරකා මල් පිපෙනා රැයේ
රිදවුම් ගෙතේ සිත රෑ තුන් යමේ
හද සෝ සුසුම් වැල් ඔබ හට ඉතින්
මතුදා ගෙනේවා සැනසුම් පැතුම්

මල් මල් විලේ ...

නොපැතූ ලෙසේ මා නොසිතූ ලෙසේ
මා හැර ගියා නම් ඔබ මේ ලෙසේ
මගෙ සෝ සුසුම් වැල් ඔබ හට ඉතින්
මතුදා ගෙනේවා සැනසුම් පැතුම්

මල් මල් විලේ