ගී පද
මල් මදහාස ඔය මූණ මැවෙන තරම්..
මට නොකියාම ඔබ මාගේ හිතේ ඉඩ අරන්..
සතු කරගන්න හැමදාම යදිනා වරම්..
මා හැරයන්න එපා කිසිදු කිසිදාක නම්..
දැකල නෑ තව කෙනෙක් ඔබ වගේ මේ ලොවේ
උමතු වී ලද හිත මගේ ඔය රූ කෙරේ
ලස්සනයි ඇත්තමයි ලස්සනයි හද වගේ
වටිනවා ඔබව මට බොහොම සත්තයි නගේ..
මල් මදහාස ඔය මූණ...//
දැනිලා නෑ වෙන කෙනෙක් කිසිම දා මේ වගේ
පැතුම වී ලද හමුවුනේ ඔබ මා කෙරේ
ආදරේ ඇත්තමයි ආදරෙයි පණ වගේ
ඔබ මගේ සතුට හැම නිතර සත්තයි නගේ
මල් මදහාස ඔය මූණ...//