මල් මද බිසෝmal madha bisoo

Mal Mada Biso (Andarela)

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

ගී පද

මල් මද බිසෝ  ඉතින් - ඩිංගක් හිනා වෙයන්
අරගෙන රිදී කළේ -රිදී වතුර ගෙදර යමන්
දෝතක් බොන්න දියන්

නෑ මට රජවාසල සීනි කන්න කෑදරකම්
අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරම්
මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳුන්
අපි දෙන්නට දෙන්නා සුවඳ වෙලා ඉන්නව නම්

රෑ සඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්
සී පදයක් වාගෙයි කොඳුරන කොට කණට හෙමින්
මේ පාළු වීර ගහක හෙවනේ ඉන්නට ඇත්නම්
අපි දෙන්නට දෙන්න අයිතියි ඇහැ පියවෙනකන්