මල් කියන්නෙ කාට කාටmal kiyanne kaata kaata

Mal Kiyanne Kata Kata

ඇල්බමය
Sari Podiththak
සංගීතය:
නන්දා මාලනීnandhaa maalanii
පද රචනය:
පී බී අල්විස් පෙරේරාpii bii alwis pereeraa

ගී පද

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට//
පෙළක් ළමුන් සුවඳ ගොඩයි
පෙළක් ළමුන් හරිම හැඩයි//
පාසල මේ ළමයින්නේ
පොළොව යටයි නොපෙනෙන්නේ...//

තදින් වැස්ස වසින කලේ
මල් පාසල වතුර වලේ//
වතුර පිරෙන වැහි කාලේ
නිවාඩු දෙයි ඉස්කෝලේ//
නිවාඩුවට ඇදුම් ඔපේ
පෙන්වා මල් ළමුන් පිපේ...//

මල් කියන්නෙ...

දැන් මල් පාසල් නිවාඩු
ළඟදී අපටත් නිවාඩු…//