මල් කෙමි සුවඳටmal kemi suwandata

Mal Kemi Suwandata

ඇල්බමය
Sanda Sewane
සංගීතය:
අසේල එරන්දaseela erandha
පද රචනය:
නිරාශ ගුණසේකරniraasha gunaseekara

ගී පද

මල් කෙමි සුවඳට සසැලෙන මගෙ හිත
මටම නොවේ නුඹටත් උරුම
හැමදාමත් හැමදේමත් නොකියපු
හිතකට මා පෙම් කළ අරුම....

දුරුතු මහේ සඳ රූප සොබාවට
වසීවෙලා සේ ගොළුව හිඳී
රත් පියුම් සදිසි ඔය කොපුල් තලාවට
මගේ හාදුවක පහස නැතී
මා දුරින් ඉඳන් මල් සුවඳ සිඹී.....

නීල වළා රොද කැරලී ගැහී සොඳ 
වියන් බැඳන් අද බලා හිඳී
කෝල කුමරි ගම රටට වඩින දා
අහස් නෙතින් තුටු කඳුළු වශී
බිම් මලින් පයට පාවඩ සෑදී.....