මල් හී ගෙන එයි මල්සරාmal hii gena eyi malsaraa

Mal Hee Gena Ei Mal Saraa

ගී පද

මල් හී ගෙන එයි මල්සරා
සුදු අසු පිට උඩ නැගලා
රන් දුන්නෙන් ඔබ හද විදලා
යනු ඇත අප තනිකරලා

කැළඹෙයි සිතුවිලි සිලිලාරේ 
පිබිදෙන මේ යෞවන කාලේ //
ගගන ගැබේ පුන් සඳ නැගලා
අද හිනැහේවී රිංගාලා ඔබෙ සීලේ

මල් හී ගෙන ....

තුඩගින් තුඩ ගා සැනහීලා
කලතා අම පෙම් මධුපානේ //
හෙට එලි වී එය සිහිවී
යළි හෙට එලි වී එය සිහිවී
ඔබ පවසාවි මට ලංවී ඒ මතකේ

මල් හී ගෙන ....