ගී පද
මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි
මට මල් දෙන අය නැති හින්දා
ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි
කාසි පනම් මට නැති හින්දා
සෙත දේවා සෙත දේවා නමස්කාර වේවා
දොහොත් මුදුන්දී හිත සරසාගෙන
බුදුගෙට මා පැමිණෙන වේලේ
ඔබට නිගාවෙන පවිපෙකු දුටුසේ
සැදැහැතියෝ මා දෙස බැලුවේ
අතක් බරට පුද පඬුරු අරං එන
දහක්දෙනා හැම තැන උන්නේ
හිනා පොදක් අනුකම්පාවෙන් පිරි
ඔබේ වතේ පමණයි දුටුවේ