මල් එතනෝmal ethanoo

Mal Ethanoo

ගී පද

පුන් සඳ රන්තරු ගිලිහෙද්දෙන්
සුන්දර ළා හිරු නොනැගෙද්දෙන්
ඔබ මා ළඟ නිරතුරු පසුවෙද්දෙන්
නෙත් පහනින් පැල එළිවෙද්දෙන්
මල් එතනෝ - ප්‍රිය මල් එතනෝ
මගෙ හද ඔබ ළඟ මල් එතනෝ

ගෙල වට කර හත් ඉරි වැටිලා
අඞසඳ නළලෙහි ඇත ඔබලා
ඔබේ දෙතොළඟ නා දළු පැහැ ගැහිලා
මුවතුල ගජමුතු ඇත පිරිලා

උකුළු මුකුළු දෙන කැකුළු
සිනා එකලු වෙමින් මුව තුරුළු වුණා
නිල්මිණි කැල්මෙන් බැල්මෙන් හෙළනා
මා පිංකළ බව මට හැඟුණා