මහරගමට වහින්නැතිවmaharagamata wahinnaethiwa

Maharagamata Wahinnathiwa

ගී පද

මහරගමට වහින්නැතිව 
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලඟ //

උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා //
ඇඳන් හිටපු සාරියමයි 
හෙටත් අඳින්නේ කියලා
හෙටත් අඳින්නේ කියලා

මහරගමට වහින්නැතිව  .....

මහවැස්සට තෙමුනොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ //
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ
ගෙදර යන්න වෙන්නෙත් රෑ

ගෙදර යන්න වෙන්නෙත් නෑ //