ගී පද
මහද වීණා - තත නංවනා රාවේ
ඔබගේ දයාවේ - සැංගී සිනාවේ -මහද වීණා
මඳ සීත නළවැල් - හමනා දසන්තේ
වනමල් ද සුවඳැල් - සැලෙනා වසන්තේ
පිපි තාරකා නිල් - අඹරේ වනා සේ
ඔබගේ දයාවේ - සැංගී සිනාවේ
පෙර ඈත සිතුවම් - මැවිලා පෙනෙන්නේ
මගෙ දෑස සැතපී - සුවසේ නිදන්නේ
මඳහාස ඔබගේ - නැත නෙත් පියන්නේ
ඔබගේ දයාවේ - සැංගී සිනාවේ