මහද විලේ රැලිති නගන හංසිනීmahadha wilee raelithi nagana hansinii

Mahada Wile Ralithi Nagana Hansini

ගී පද

මහද විලේ රැලිති නගන හංසිනී
රොන්න් පිරුන සිනා විසුල සියුමැලී
සුවඳ ඇවිත් දැවටී සුළඟේ එතී
ආදරේ කියන්න හදේ නිම්නැතී

පහනක් වී දැවටී නිබඳේ
කාගේවත් සිත් නොරිදෙන සේ
විරහී ගිම්  නොදී ප්‍රේමයේ ඉන්න මා ළඟින්
කඳුලක් සේ දෑසින් ගිලිහී මහද නොතලමින් //

මහද විලේ ....

කළුවර රෑ නිදිගත් අහසේ
සඳවත වී සෙනෙහස ගලනා
පිරිමැද මුදු වෙනතක් මහදේ ඉන්න මා ළඟින් 
ගීයක් වී ගැයෙමින් දෙතොලේ මිහිරි මේ සරින් //

 මහද විලේ ...