මහ වරුසාවට පසුව නැගෙන සඳmaha warusaawata pasuwa naegena sanda

Maha Warusaawata Pasuwa Nagena Sanda

ගී පද

(මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි…//)

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ…
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ…

මහ වරුසාවට…

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි…
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි…

මහ වරුසාවට…