ගී පද

මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ
සන්තාපේ ශෝක තැවුල් නැහැ අපේ සිතේ
සම්පත් සොයාලා ඔරුවේ නැගීලා
අපි වෙරළ බලා පදිමු යාලුවේ.........

එලනා දැල මාළුන් පිරීලා
සිතනා ලෙස වාසිය ලැබුනේ
හෙට හිරු පායනා දිනෙණ
දිවි රැක ගන්නටයි අපේ
මේක තමා ශෝක නැතී මුහුදු ජීවිතේ..........

දියඹේ රැය  මේ ලෙස ගෙවලා
සැනසී මෙන් ආපසු එන්නේ 
සැනසුම අපගේ ලෝකයේ
අඹු දරුවන්ගෙ ආදරේ 
මේක තමා ශෝක නැතී මුහුදු ජීවිතේ..........