ගී පද
මහ සයුරේ දිය ගැඹරේ
බියකරු රෑ යාමේ
පියාණන් අප වෙනුවෙන්
ඔබ ජීවිත සටනේ //
හෝ හෝ හෝ හෝහෝහෝ //
සන්සිඳි සෝ තැවුල් අලු යා නොදෙන්
සොම්නසේ සූර්යයා පායා වරෙන් //
සාගරයේ රජ දහනේ
කිරුළ අපේ පියාණනේ
මහ සයුරේ .....
මාරුතේ බෝ සැරෙන් ඉගිළ නොයන්
මාළුවේ දැල් වලින් ගැලවී නොයන් //
මුහුදු තිරේ රජ දහනේ
ඔබේ නමින් මල් පිබිදේ
මහ සයුරේ ...... //