ගී පද
මහ මුහුදු විමානේ රණ තිසර උදානේ
සවනට නෑ ඇසුනේ මාගේ
සවනට නෑ ඇසුනේ මාගේ...///
ඈත දියේ පාවී
ඕ... ඕ... ඕ..... ඕ... ඕ... ඕ...
ඈත දියේ පාවී මහ සයුරේ රැ වී
අඳුර මැදින් අපි යනවා
ඔරුව නුබේ රුවල උඩින්
වෙරල කොහේදැයි බලපන්නේ
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා... හේ...
පහනට තෙල් නෑ නිවසේ...
මහ මුහුදු විමානේ...
දරු පැටවුන් මාගේ
ඕ... ඕ... ඕ..... ඕ... ඕ... ඕ...
දරු පැටවුන් මාගේ රෑ බත ඉල්ලාවී
සොඳුර මගේ වෙරළේ ඉඳි
ඔරුව නුඹේ රුවල උඩින්
මගේ පවුලේ කඳුල බලාපන්
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා... හේ...
පිරුණත් මඩිය ඉරේවි...
මහ මුහුදු විමානේ...