මහා මෙරක්mahaa merak

Maha Merak

ගී පද

මහා මෙරක් ලෙස
ඔබ ගැන සිතුවෙමි
වැලි කැටයක් ලෙස
ඔබ මා ගැන සිතුවේ

මහා සයුර ලෙස මා සිතුවේ
පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ
විසල් දෙරණ ලෙස මා දුටු දේ
පිණ කඳුළක් ලෙස ඔබ මා ගැන සිතුවේ

සඳ මඩලක් සේ මා දුටු දේ
ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ
ජීවිතයම ලෙස මා පැතු දේ
එක් මොහොතක් විය ඔබ හමුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ