මහ බෝධි මුලේmaha boodhhi mulee

Maha Bodhi Mule

සංගීතය:
මොහොමඩ් ගවුස්mohomad gawus
පද රචනය:
යු එස් පෙරේරාyu es pereeraa

ගී පද

(මහ බෝධි මුලේ
මහ බෝධි මුලේ විදුරැස්නේ රැස් විහිදෙන්නා 
මහ සාද් තුමා ලෝ විදුරැස් මේ වැඩ ඉන්නා 
මහ බෝධි මුලේ)..//

රහසේ සදෙව් ලො සුරනා ගුණ ගීත නාද දී 
අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දිදී 
පුදනා සඳෙහි දෙවුලොව මල් වැස්ස වහින්නා
මහ සාද් තුමා ලෝ විදුරැස් මේ වැඩ ඉන්නා 
මහ බෝධි මුලේ

වයිශාක්‍ය චන්ද්‍ර කාන්ති සුරල් මාළානීක වී 
(ශ්‍රී ශාන්ති පානා තිලොවේ එකලෝක දී)..// 
තිලොවේ එකලෝක දී
නව නීල පීත ආදී බුදුරැස් විහිදෙන්නා 
භගවාත් භගවාත් භගවාත් මහා සත් සව්පෙල සුන් පරදන්නා   
මහ බෝධි මුලේ

සංසාර ජාති ජාති පෙරූ උතුම් පාරමී 
(ගම් දේව ඥාන මහිමෙන් ලෝ නාත මාහිමේ)..// 
තුන් ලෝ නාත මාහිමේ
ජග දේශ මහා මංගල වෙසඟේ සුපසන්නා 
භගවාත් භගවාත් භගවාත් මහා සත් සව් බෝධී වැඩ ඉන්නා
මහ බෝධි මුලේ

මහ බෝධි මුලේ....
මහ බෝධි මුලේ